කිම් ජොන් උන් වියට්නාම් සමුළුවට එන්නේ දුම්රියෙන්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා කිම් ජොන් උන්ගේ දෙවැනි හමුව ලබන 27 සහ 28 දෙදින වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්වීමට නියමිත අතර, කොරියා නායකයා වියට්නාමය බලා පැමිණෙනු ඇත්තේ දුම්රියෙනි.

කොරියානු නායකයා ඔහුගේ ගමන් බිමන් සඳහා යොදා ගන්නේ විශේෂ දුම්රියකි. හමුව පැවැත්වීමට දින දෙදකට පෙර, එනම් ලබන 25 වැනිදා ඔහු හැනොයි අගනුවරට පැමිණීමට නියමිතය.

උතුරු කොරියාවේ යොංග්යැං සිට වියට්නාමයට දුම්රියෙන් පැමිණීමට දින 2 1/2 ක් ගත වනු ඇති බවත්, දුම්රිය ගමන සිදුවන්නේ චීනය හරහා බවත් පැවැසෙයි.

චීන වියට්නාම දේඔසීමාවේදී දුම්රිය ගමන අවසන් වනු ඇති අතර, දේශසීමාවේ සිට හැනොයි අගනුවර බලා උතුරු කොරියා නායකයා පැමිණෙනු ඇත්තේ රථ පෙරහරකිනි. දේශසීමාවේ ඩොංඩැං දුම්රිය ස්ථානයේ සිට හැනොයි අගනුවරට කිලෝ මීටර් 170 කි.

කිම් ජොන් උන් සහ ට්‍රම්ප් අතර හමුව පැවැත්වෙන්නේ හැනොයි නුවර පිහිටි, වියට්නාම් රජයේ අමුත්තන් සඳහා වෙන්වූ මන්දිරයේදීය. යටත් විජිත යුගයේ ඉදිකළ මෙම මන්දිරයට විශේෂ ආරක්ෂාවක් යොදවනු ඇති බව ද පැවැසෙයි. සමුළුව සඳහා ආරක්ෂාව සැපැයීම තම වගකීමක් බව වියට්නාම් රජය පවසා ඇත. වියට්නාම සංචාරයේදී උතුරු කොරියා නායකයා නවාතැන් ගනු ඇත්තේ ‘මෙලියා’ හෝටලයේය.

සෝල්හිදීය (එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS