කිම් ජොන් උන් රුසියාවේ



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමේ අරමුණින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් මේ වනවිට රුසියාවේ වෙරළ නගරයක් වන ව්ලැඩිවොස්ටෝක් බලා පැමිණ සිටී.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති පුටින් අතර හමුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

උතුරු කොරියා නායකයා ප්‍රමුඛ නියෝජිත පිරිස රුසියාවේ ව්ලැඩිවොස්ටෝක් නගරය බලා පැමිණියේ දේශසීමා හරහා විශේෂ දුම්රියෙනි.

කිම් ජොන් උන් සහ ජනපති පුටින් අතර හමුව හෙට (25) පැවැත්වීමට නියමිතය. රුසියාවේ ව්ලැඩිවොස්ටෝක් නගරයට පැමිණි කිම් ජොන් උන් ප්‍රමුඛ නියෝජිත පිරිසට රුසියානුවන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. රුසියාව උතුරු කොරියාවට මායිම්ව පිහිටයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS