කිම් ජොන් උන් ගෙන්වා ගන්න ට්‍රම්ප් සැරැසෙයි



ලබන 12 වැනිදා සිංග්ගපූරුවේදී පැවැත්වීමට නියමිත සාම සමුළුව සාර්ථක වුණොත්, තමන් ඇමෙරිකාවට පැමිණෙන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ඇරැයුම් කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් පවසන පදි ඔහු සහ උතුරු කොරියා නායකයා අතර යහපත් සබඳතා පවතී. සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත සාකච්ඡා සාර්ථක වනු ඇති බවත්, කිම් ජොන් උන් හොඳ මිතුරකු කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

ට්‍රම්ප් මේ බව කියා සිටියේ, කැනඩාවේ පැවැත්වීමට නියමිත ජී7 ආර්ථික බලවතුන්ගේ සමුළුව බලා යන අතරතුරේ ඇමෙරිකාවට පැමිණි ජපාන අගමැති ෂෙන්සෝ අබේ හමුවී සාකච්ඡා පවත්වමිනි.

ෂෙන්සෝ අබේ පමණක් නොව, ඇමෙරිකා ජනාධිපතිවරයා ද කැනඩාවේ කි්‍යුබෙක් ප්‍රාන්තයේ පැවැත්වෙන ජී 7 සමුළුවට සහභාගී වෙයි. කැනඩා යන අතරතුරේ ජපාන අගමැතිවරයා ට්‍රම්ප් හමුවීමට පැමිණියේ ද ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ගේ සිංගප්පූරු ‘සාම සමුළුව’ ගැන කරුණු විමසීමටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS