කිම් ජොන් උන් කලින්ම වියට්නාමයට එනවා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ගේ දෙවැනි හමුව ලබන 27 සහ 28 දෙදින වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්වීමට නියමිතය.

හමුව පැවැත්වීමට දින දෙදකට පෙර, එනම් ලබන 25 වැනිදා උතුරු කොරියා නායකයා හැනොයි අගනුවර බලා පැමිණෙනු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයට පැමිණෙන පළමු අවස්ථාව මෙය වනු ඇත. කිම් ජොන් උන් සහ වියට්නාම රජයේ බලධාරීන් අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS