කෑම විසවී 11 ක් මියයති



දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ චමරාජ්නගර් දිස්ත්‍රික්කයේ නව හින්දු කෝවිලක බෙදන ලද ආහාර විස වීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. රෝගී වූ 130 කට වැඩි පිරිසක් රෝහල් ගත කෙරුණි.

හින්දු කෝවිල විවෘත කිරීම වෙනුවෙන් විශේෂ පූජාවක් සහ උත්සවයක් සංවිධානය කර තිබුණි. කෝවිල පිහිටි භූමියේ දී සකස් කළ ආහාර බැතිමතුන් අතරේ බෙදා දීම එහිදී සිදුවිය.

රෝහල් ගත කළ අය අතරින් අට දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද පැවැසෙයි. කිසියම් පාර්ශ්වයක්, කෝවිලේ බැතිමතුන්ට බෙදාදීමට සකස් කළ ආහාරවලට විස දමා ඇති බව, පොලිසිය පසුව සිදුකළ පරීක්ෂණවලිදී හෙළි විය.

මේ අතර, කෝවිලේ උත්සවය සංවිධානය කළ සහ ආහාර පිසීමේ කටයුතුවලට සම්බන්ධ වුණු සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS