කෑම පිඟානෙන් කෘමියෙක් මතුවෙයි



සෞදි අරාබියේ උතුරු දිග හේල් පළාතේ පිහිටා ඇති ප්‍රසිද්ධ අපනශාලාවක් පනවා ඇති සෞඛ්‍යාරක්ෂිත නීතිරීතීන් බරපතල ආකාරයෙන් උල්ලංඝනය කරමින් විකුණන ලද බුහාරි බත් පිඟානක කෘමි සතෙකු හමුවීම නිසා එම අපනශාලාව වසා දැමීමට එම පළාතේ නගර සභා සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව අල්-රියාද් පුවත්පත වාර්තා කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

අපන ශාලාව සතු සියළුම ආහාර තොග සහ අනිකුත් උපකරණ රාජසන්තක කිරීමට නියෝග කල අතර හිමිකරුට විශාල දඩ මුදලක් නියමකරන ලදී. 

පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් ආපන ශාලාව වසා දැමීමට නගර සභා සෞඛ්‍ය බලධාරීන් නියෝග කරන ලදී. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS