කැලෙඩෝනියා දූපත කැළැඹේ



ප්‍රංශයට අයත් නිව් කැලෙඩෝනියා දූපත ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹිණි.

භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් ලෙස සටහන් වී තිබේ. භූමි කම්පාවෙන් පසු අවට රටවලටත් වනවාටු වැනි දූපත්වලටත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු බව ද වාර්තා වේ.

භූමි කම්පාවෙන් නිව් කැලෙඩෝනියා දූපතට හානි සිදුවී ඇති බව ද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි. කෙසේ නමුත් ජීවිත හානි සිදුවුණු බවක් ගැන මෙතෙක් වාර්තා වී නැත.

(රොයිටර්)


RECOMMEND POSTS