කැලිෆෝනියාවේ ළැව් ගිනි



ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ළැව් ගිනි පැතිරමින් යන බව වාර්තා වේ. ළැව් ගිනිවලට හසුවීමෙන් මියගිය ගණන 9 ක් බව පොලිසිය පවසයි.

කැලිෆෝනියා ගිනිනිවන භටයන් ළැව් ගිනි නිවා දැමීමට සහ පාලනය කිරීමට මහත් වෙහෙසක් දරමින් සිටින බව ද වාර්තා වේ. චීකෝ පළාතේ පැරඩයිස් නගරය ගින්නට හසුවීමෙන් මුළුමනින් විනාශ වී ඇත.

අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචි පිරිස් වහා එම ස්ථානවලින් ඉවත් කිරීමට කැලිෆෝනියා බලධාරීන් පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS