කැනඩා අගමැති රන් දෙවොලේ



ඉන්දීය සංචාරයක යෙදෙන කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, බිරිය සහ දරු තිදෙනා අම්රිත්සාර් රන් දෙවොල නැරැඹීමට ගියහ.

කැනඩා අගමැතිවරයා සහ පවුලේ සාමාජිකයෝ සත් දිනක් පුරා ඉන්දියාවේ රැදී සිටිති. පිරිස ඉන්දියාවට පැමිණියේ පසුගිය සෙනසුරාදා දිනයේය.

තවමත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අගමැති ටෘඩෝ අතරේ හමුවක් පැවැත් වූයේ නැත. එය බොහෝ දෙනාගේ දෝෂදර්ශනයට හේතුවක් විය.

කැනඩා අගමැති ටෘඩෝ පසුගිය දා මෝදිගේ ගම් පළාත වන ගුජරාට ප්‍රාන්තයේ සංචාරය කළේ ද තනිවමය.

අගමැති මෝදි කැනඩා අගමැතිවරයා සහ පවුලේ සාමාජිකයන් හිතාමතා මඟ හරිනවා යැයි ද චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රකාශකයකු මාධ්‍ය හමුවේ කියා ඇත්තේ, අගමැති මෝදි රාජකාරි බහුල තැනැත්තකු බවත්, විදෙස් නායකයකු ඉන්දියාවට පැමිණෙන සෑම අවස්ථාවකදීම ඔහුට ‘තනිරැකීම’ කළ නොහැකි බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS