කැනඩා අගමැති ඉන්දියා එයි



කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ අද (17) ඉන්දියාව බලා පැමිණීමට නියමිතව ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

කැනඩා අගමැති ටෘඩෝ පැමිණෙන්නේ බිරිය සහ දරුවන් තිදෙනා ද සමඟය. කැනඩා අගමැතිගේ මෙම ඉන්දීය සංචාරය සතියක් පුරා පැවැත්වෙනු ඇතැයි ද වාර්තා වේ. ටෘඩෝගේ සංචාරය අවසන් වනු ඇත්තේ ලබන 25 වැනිදාය.

ඉන්දීය අගමැති මෝදි හමුවී, ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගැනීමටත් වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමටත් කැනඩා අගමැති ටෘඩෝ සූදානමින් සිටී.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS