කැටලෝනියා බෙදුම්වාදීන්ට ජය



ස්පාඤ්ඤ පළාත් පාලන මැතිවරණය පැවැත්වුණු අතර එයින් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වූයේ කැටොලෝනියා ප්‍රාන්තය ස්පාඤ්ඤයෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් විය යුතු යැයි බල කරන බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම්ය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කිරීම සිදුවූයේ ඊයේ (22) ය. ස්පාඤ්ඤ රජය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූයේ, කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වෙනවා දැකීමට අකමැති ජනතා පක්ෂයයි.

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් විය යුතු යැයි හඬ නගන බෙදුම්වාදී ‘කැටොලෝනියා එක්සත් පක්ෂය’, ‘කැටලෝනියා වාමාංශික රිපබ්ලිකන් පක්ෂය’ සහ ‘ජනතා එකමුතුව’ පක්ෂය එක් වී දිනා ගත් ආසන ගණන 70 කි.

කැටලෝනියා පළාතට ස්පාඤ්ඤය යටතේ පාලනය වෙයි. කැටලෝනියා ප්‍රාන්තය ස්වං පාලන ප්‍රදේශයක් ලෙස සැළකෙයි. එහි ජනපති ධුරය හෙබවූයේ කාර්ල්ස් පුයිජෙමොන්ට්ය.

පසුගිය ඔක්තෝබරයේ කාර්ල්ස් පුයිජෙමොන්ට් ප්‍රමුඛ බෙදුම්වාදී පක්ෂ එක් වී, ස්පාඤ්ඤයෙන් වෙන් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් කැටලෝනියාවේ ජනමත විමසුමක් පැවැත්වීය.

එය සිදුවූයේ කැටලෝනියා මධ්‍යම රජයේ දැඩි විරෝධය මැදය. ජනමත විමසුමෙන් පසු, කාර්ල්ස් පුයිජෙමොන්ට් ඇතුළු බෙදුම්වාදී දේශපාලන නායකයන්, මැතිවරණ බලධාරීන්, පොලිස්පතිවරයා දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසිණි.

කාර්ල්ස් පුයිජෙමොන්ට්ට සිය ධුරයෙන් ඉවත් කිරීමට ද ස්පාඤ්ඤ රජය කටයුතු කළේය.

කෙසේ නමුත් මැතිවරණවලට ඔහුට ඉදිරිපත් වීමට අවසර ලැබුණි. ඒ අනුව කාර්ල්ස් පුයිජෙමොන්ට් මෙම පළාත් පාලන මැතිවරණයට ද ඉදිරිපත් වූයේය.

(රොයිටර්)


RECOMMEND POSTS