කාශ්මීර් අර්බුදය ගැන වාද කරති



එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයන්ගේ හමුවක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වුණු  අතර, එහිදී කාගේත් වැඩි අවධානය යොමු වූයේ ඉන්දියාව, ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂ බලතල ඉවත් කිරීම සම්බන්ධයෙනි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය ගත් එම තීරණය ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට සිදුවුණු අසාධාරණයක් බව පාකිස්තානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පෙන්වා දී තිබුණි. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන චීනය පාකිස්තානයට සහාය දැක්වීය.

මේ අතර, ආරක්ෂක මණ්ඩල සැසියට පාකිස්තාන සහ ඉන්දීය නියෝජිතයන් සහභාගී වූ අතර, ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඔවුන් අතරේ වාද විවාද පැවැත්වුණු බව වාර්තා විය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS