කාබුල් හෝටලයට ප්‍රහාරයක්



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සුඛෝපබෝගී ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට කඩා වැදී එහි සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගත් ත්‍රස්තවාදීන් මරා දැමීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත් විය.

හෝටලයට කඩා වැදුණු සන්නද්ධ ත්‍රස්තවාදීන් ගණන තුනකි. ඔවුන් කළ වෙඩි තැබීමෙන් සිවිල් වැසියෝ සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර විදෙස් කාන්තාවක ද සිටින බව පැවැසෙයි.

ත්‍රස්තවාදීන් හෝටලයට කඩා වැදුණු අවස්ථාවේ ඇතැමුන් ඇද ඇතිරිලි යොදා ගනිමින් ඉහළ මහලවලින් පහළට යෑමට උත්සාහ ගත් බව ද වාර්තා වේ.

ත්‍රස්තවාදීන් හෝටලයට කඩා වැදුණු අවස්ථාවේදී, ඇෆ්ගන් ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක විය. ඔවුන් මැදිහත් වී හෝටලයේ සිටි 160 දෙනකු බේරා ගත් බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS