කාන්තාර පළඟැටියෝ දිල්ලියට ඇවිල්ලා



පාකිස්තානය හරහා පියඹාවිත්, බටහිර සහ මධ්‍යම ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසක වගාබිම් හෙක්ටයාර් දහස් ගණනින් විනාශ කළ කාන්තාර පළඟැටියන් මේ වනවිට නවදිල්ලි අගනුවර පිහිටි දිල්ලි ප‍්‍රාන්තයට පැමිණ ඇතැයි වාර්තා වේ.

පළඟැටියන් දස දහස් ගණනක රංචුවක් මේ වනවිට ගුර්ගන් නමැති ප‍්‍රදේශයට පැමිණ ඇති බවත්, වගාබිම් රැසක් ඔවුන්ගේ ආක‍්‍රමණයට ගොදුරු වී ඇති බවත් ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි.

වගාබිම්වලට පමණක් නොව, පළඟැටියන් දිල්ලි අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ද මේ වනවිට තර්ජනයක් වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. පළඟැටියන් ගැන සෙවිල්ලෙන් පසුවන දිල්ලි කෘෂිකර්ම බලධාරීන් පවසා ඇත්තේ පළගැටියන් දකුණු ඉන්දියාවේ බල්වාන් නගරය දෙසට ගමන් ගන්නා බවය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS