කවරයට ට්‍රම්ප්-පුටින් මුසු කරලා



ලෝ සුපතල ‘ටයිම්’ සගරවේ ජූලි 30 කලාපයේ කවරයට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් එක් කරමින් නිර්මාණය කළ ඡායාරූපයක් යොදා ඇත.

ඒ, ජනපතිවරුන් දෙදෙනා, ෆින්ලන්තයේ හෙල්සින්කී අගනුවරදී එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු නිර්මාණය වුණු අර්බුදකාරී තත්ත්වය නිරූපණය වන අයුරිනි.

ඇමෙරිකා ජනාධිපති පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අතර මුහුණට මුහුණ පැවැත්වූ පළමු සමුළුව මෙය වෙයි.

දෙරට අතර පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පමණක් නොව, ජගත් ත්‍රස්තවාදය, උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු, ඊශ්‍රායලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝක බලවතුන් දෙදෙනා සාකච්ඡා පැවැත්වූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS