කලීඩා ෂියාට තවත් සිර දඬුවමක්



බංග්ලාදේශයේ හිටපු අගමැතිනී බේගම් කලීඩා ෂියාට එරට අධිකරණයක් සත් වසරක සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පුණ්‍ය අරමුදලකින් මිලියන 31.5 ක මුදලක් අවභාවිතයට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් 73 හැවිරිදි හිටපු අගමැතිනිය වරදකාරිය වූවාය. ඇයට සිරදඬුවම් නියම වූයේ ඒ අනුවය.

මේ වනවිටත් දූෂණ චෝදනාවලට වරදකරුවීම හේතුවෙන් කලීඩා ෂියා පස් වසරක සිරදඬුවම් විදිමින් සිටින්නීය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS