කලින් දැන සිටියේ නෑ



උතුරු කොරියා නායක කිම් ජොන් උන් කළ ආරාධනාව පිළිගනිමින්, ඔහු හමුවීමට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් තීරණය කළේ තනිවම යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස්ටිලර්සන් පවසයි.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය, ඔහු තනිවම ගත් තීරණයක් බවත්, ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලය හෝ තමා හෝ ඒ ගැන කිසිවක් කලින් දැන නොසිටි බවත් රෙක්ස්ටිලර්සන් වැඩි දුරටත් කියා සිටී.

කෙසේ නමුත් ‘සුදුසු වාතාවරණයක්’ යටතේ උතුරු කොරියානු නායකයා මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බව ට්‍රම්ප් මීට පෙර අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.

(ඬේලිමේල්)


RECOMMEND POSTS