කයිරෝ පොලිසියට වෙඩි ප්‍රහාරයක්



ආයුධ සන්නද්ධ පුද්ගලයින් පිරිසක් කයිරෝ නුවර මුර සංචාරයේ යෙදී සිට පොලිස් නිලධාරීන් පිරිසක්ට වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් පොලිසි නිලධාරීන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගිය දා ප්‍රකාශ කළේය.

නැගෙනහිර කයිරෝවේ නගරයක් වන නස්ර් සිටි හිදි ආයුධ සන්නද්ධ පුද්ගලයින් කාර් දෙකක සිට පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පලාගෙස් ඇති අතර වෙඩි වැදීමෙන් ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇත.

දෙපිරිස අතර වෙඩි හුවමාරුවක්ද සිදුවී ඇති අතර කොපමණ සන්නද්ධ පුද්ගලයින් ප්‍රමාණයක් ප්‍රහාරය සදහා සහභාගි වුවාද, පොලිස් වෙඩි ප්‍රහාරයන්ගෙන් ඔවුන්ට තුවාල සිදුවුවා ද යන්න සඳහන් කිරීමට නොහැකි බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් මෙතෙක් භාරගෙන නොමැති අතර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS