කම්මුල ස්පර්ශ කරලා



ලිංගික අල්ලස් ලබා ගන්නා බවට නිරන්තරයෙන් චෝදනාවලට ලක්වී සිටින තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාර බන්වරිලාල් පුරෝතී, එම චෝදනා සම්බන්ධයෙන් සිය නිර්දෝෂීභාවය පැහැදිලි කිරීමට පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදිනියකගේ කම්මුල ස්පර්ශ කළේ යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

කම්මුල ස්පර්ශ කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින් ආණ්ඩුකාර බන්වරිලාල් පුරෝතීට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී. මාධ්‍ය හමුව පැවැත්වූයේ නවදිල්ලියේ රාජ් භවාන්හිය.

මාධ්‍ය හමුවෙන් පසු 78 හැවිරිදි ආණ්ඩුකාරවරයා එතැනින් පිටවී යෑමට සැරැසෙද්දී, එහි සිටි ‘ද වීක්’ පුවත් පතේ මාධ්‍යවේදිනිය ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවාය. ආණ්ඩුකාරවරයා ඊට පිළිතුරුදීම වෙනුවට ඇගේ කම්මුල ස්පර්ශ කර තිබේ. එය එම මාධ්‍යවේදිනියගේ පමණක් නොව, රැස්ව සිටි සැමගේ විරෝධයට හේතුවක් වුණු බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS