කම්කරු නීති උල්ලංඝනය කළ 19ක් පිටුවහල්



සෞදි කම්කරු නීති සහ නිවාස රෙගුලාසි උල්ලංඝනය කළ ඊජිප්තු ජාතිකයින් 19 දෙනෙකු සෞදි ආරක්ෂක අංශ පිටුවහල් කළ බව අක්බාර් 24 වෙබ් අඩවිය වාර්තා කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මෙවුන් කයිරෝ සිට ගුවන් යානා දෙකකින් සෞදි අරාබියට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් රියාද් සහ ජෙඩා නගර වලදී අත්අඩංගුවට පත් වී ඇත.

ඊජිප්තු ජාතිකයින් කයිරෝ ගුවන් තොටුපලට පැමිණි අවස්ථවේදි ඊජිප්තුආරක්ෂකඅංශ පුද්ලයින් දෙදෙනෙකු ආරක්ෂක හේතුන් මත අත්අඩංගුවට ගන්නා ලදී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS