කටාර් හි හමාඞ් ගුවන්තොටුපලට ඉලෙක්ට්‍රොනික ගේට්ටු




හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ඇතුළුවන හා පිටවන විදේශිකයින්ට ඉලෙක්ට්‍රොනික ගේට්ටු විවෘත කිරීමට ගුවන්තොටුපල බලධාරින් පියවර ගෙන ඇත. 

කටාර් හි පදිංචි හැදුනම්පත් හිමි විදේශිකයින්ට හා ඔවුන්ගේ වයස 18 ට අඩු දරුවන්ට මූලික ලියාපදිංචියකින් තොරව මෙම ගේට්ටු භාවිත කිරීමට හැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

හමාඞ්  ගුවන් තොටුපලට ඇතුළු වීමේ හා පිටවීමේ ක‍්‍රීයාවලිය මෙම ඊ ගේට්ටු හදුන්වා දීම තුළින් ලිහිල් වන බව ගුවන්තොටුපල බලධාරිහු පවසති.

මෙම ක‍්‍රීයාවලිය ස්මාර්ට් මඟී ව්‍යාපෘතියේ එක් කොටසක් ලෙස කී‍්‍රයාත්මක  වන බවත් එහි මූලික අරමුණ වී ඇත්තේ ගුවන් තොටුපල කාර්ය මණ්ඩලවල සේවයකින් තොරව ස්වයං සේවය හරහා ගුවන්තොටුපලින් පිටවීමට හා ඇතුළුවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ද එමඟින් මඟීන්ට පහසුව සැලසෙනු ඇතැයි ද විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

ගුවන් තොටුපලින් පිටවන හා ඇතුළුවන පුද්ගලයින් දිගු පෝලිම්වල සිටිය යුතු අතර නව ක‍්‍රමයේ දී පෞද්ගලික දත්ත තහවුරු කිරීම හා ලේඛණ වල මුද්‍රා තැබීම වැනි  කටයුතු මෙම ගේට්ටු හරහා ගමන් කිරීමේ දී පහසුවෙන් කරගත හැකි වීම විශේෂයකි. 

ඊ ගේට්ටු හරහා ගමන් කිරීමේ දී ඒ සදහා උපරිම වශයෙන් විනාඩි දෙකක් පමණ ගතවනු ඇතැයි පැවැසේ. පද්ධතිය තේරුම් ගැනීමේ හැකියාව සදහා අරාබි භාෂාවෙන් මෙන්ම ඉංගී‍්‍රසි භාෂාවෙන් ද විස්තර ඇතුලත් කරඇතැයි එම මාධ්‍ය වාර්තා ස`දහන් කරයි.

 

විනිතා එම් ගමගේ


RECOMMEND POSTS