කටාර් බලධාරීන්ගෙන් විදෙස් ශ්‍රමිකයන්ට තහංචි



විදෙස් සංක්‍රමණික ශ්‍රමිකයන්ට රටින් පිටවීමට ඉඩ නොදී ඔවුන් රඳවාගෙන සිටිනවා යැයි සේවක අයිතීන් සුරැකීමේ සංවිධාන සහ වෘත්තීය සමිති, කටාර් බලධාරීන්ට චෝදනා කරයි.

මෙම ශ්‍රමිකයන් නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් පැමිණි අය යැයි ද වාර්තා වේ. 2022 ලෝක කුසලාන පා පන්දු තරගාවලිය පැවැත්වෙන්නේ කටාරයේය.

ඒ සඳහා ක්‍රීඩාංගන ඉදිකිරීම් මේ වනවිට ලහිලහියේ සිදුවන අතර, එම ඉදිකිරීම් සඳහා නව සේවකයන් බඳවා ගැනීමත්, සේවයේ නියැළී සිටින සේවකයන්ට සේවා මාරු ලබා දීමටත් කටාර් බලධාරීන් නව නීතී හඳුන්වා දී ඇත.

එසේ නව නීති තිබියදී, සේවක අයිතීන් උල්ලංගනය අයුරින් බලධාරීන් ක්‍රියා කරනවා යැයි සේවක අයිතීන් සුරැකීමේ සංවිධාන සහ වෘත්තීය සමිති පෙන්වා දී තිබේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS