කටාර් ප්‍රවෘත්ති වෙබ් අඩවියට ප්‍රහාරයක්



හඳුනා නොගත් පාර්ශවයක් කටාර් ප්‍රවෘත්ති ඒජන්සියට අයත් වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එහි ඇති තොරතුරු සම්පූර්ණයෙන් වෙනස් කර සාවද්‍ය තොරතුරු ඇතුලත් කර ඇති බව කටාර් රාජ්‍ය සන්නිවේදන කාර්යාල අධ්‍යක්ෂ, ෂයික් සයිෆ් බින් අහමඩ් අල්-තානි ප්‍රකාශ කළේය.

වෙබ් අඩවිය යථාතත්ත්වයට පත්කිරීම සඳහා පරිගණක විශේෂඥයින් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් දින කීපයක් යනතුරු එහි ඇති තොරතුරු පරිහරණනය කිරීමෙන් වළකින ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS