කටාර් ඉන්දියානුවන්ගේ සුබසාධනය ගැන සහතියක්



ගල්ෆ් රටවල් කිහිපයක් කටාරය හුදකලා කිරීම නිසා එරට සිටින හය ලක්ෂ පනස් දහසකට වැඩි ඉන්දීය ශ්‍රමික ඩයස්පෝරාවේ සුබසාධනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොකරගන්නා ලෙසට ඉන්දීය රජය එම ශ්‍රමික ප්‍රජාවට හමුවේ සහතික වී ඇත.

ගල්ෆ් කලාපය තුළ ඇතිවී තිබෙන මෙම අර්බුදයට පිළියම් වශයෙන් හැකි ඉක්මනින් සාමකාමී විසඳුමක් ඉදිරිපත් වනු ඇතැයි ඉන්දියාව හැම විටම බලා පොරොත්තු වන බවත් , එතෙක් කටාරයේ සිටින ඉන්දියානුවන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් තමන් වගකීම ගන්නා බව ඉන්දීය රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එරට ඇති තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් තම රජය ඉතා විමසිල්ලලෙන් නීරීක්ෂණය කරන බවද  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය විශේෂ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

විශේෂයෙන්ම සෞදි අරාබිය ප්‍රමුඛ අනෙකුත් කලාපීය රටවල් විසින් කටාරය සම්බන්ධයෙන් ගන්නා පියවරයන් සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි විමසිල්ලෙන් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.

කටාරය තුළ සිටින වැඩිම විදෙස් ශ්‍රමික ප්‍රමාණය ඉන්දීය ජාතිකයින් වීම හේතුවෙන් එරට ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS