කටාර් අර්බුදය යුද්ධයක පෙර නිමිත්තක්



කටාරය සහ සෙසු ගල්ෆ් රාජ්‍යයන් අතර උද්ගතව පවතින අර්බුදය යුද්ධයක් බවට පෙරළීමේ අනතුරක් ඇති බව ජර්මනියේ විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් (Sigmar Gabriel) කියා සිටියි.

ජර්මන් පුවත්පතක් සමඟ සාකච්ඡාවකට සහභාගී වූ විදේශ ඇමතිවරයා ගල්ෆ් රටවල් එකිනෙක රට සමඟ ගනුදෙනු කරන ආකාරය ඉතා රළු අමිහිරි ස්වභාවයක් ගෙන ඇතිබව පෙන්වා දුන්නේය.

විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් ගල්ෆ් අර්බුදයට සම්බන්ධ සියලු රටවල් සමඟ පසුගිය සතිය පුරා සාකච්ඡාවන්හි නියැළුණි.

මේ අතර කටාර් විදේශ ඇමති ෂේක් මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් අල් - තානි කියා සිටියේ " කටාර් ආණ්ඩුව ඉස්ලාමීය අන්තවාදයට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැහැ" යනුවෙනි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී.ඇසුරෙනි.


RECOMMEND POSTS