කටාරයේ වැටුප් ආරක්ෂණය අතිකාල සේවය අඩු කරලා



කටාර් හි කම්කරු පරිපාලන සංවර්ධන හා සමාජ කටයුතු අමාත්‍යංශය විසින් එරට සේවයේ නියුතු විදෙස් සේවකයින් වෙනුවෙන් හඳුන්වා දුන් නව වැටුප් ආරක්ෂණ පද්ධතිය හේතුවෙන් සේවකයින් අධික ලෙස අතිකාල සේවයේ යෙදවීම අඩුවනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දෙයි.

එසේ අධික ලෙස සේවකයින් අතිකාල සේවයේ නොයොදවන්නැයි කම්කරු බලධාරින් සේවා යෝජකයින්ට මේ වන විටත් උපදෙස් දී ඇත.

මේ වනවිටත් බොහෝ ආයතන වැඩ පැය ගණන වන පැය අටට අමතරව දිනක උපරිම අතිකාල ප්‍රමාණය පැය දෙක දක්වා අවම කර ඇතැයි ද එම වාර්තා පෙන්වා දෙයි.

එරට සේවය කරන විදෙස් ශ්‍රමිකයන්ට හිමිවන වරප්‍රසාද අතර සැප පහසු නවාතැන්, ආහාර පාන, ප්‍රවාහන පහසුකම්, නියමිත දිනට වැටුප් ලැබීම ඇතුළු වාසි රැසක් ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.

මෙම නව වැටුප් ආරකෂණ පද්ධතිය ක්‍රීයාත්මක කිරීම ඇරඹීමත් සමඟ ආයතන බෙහොමයක නිෂ්පාදන ප්‍රගතියක් අත් කරගෙන ඇතැයි ද එහි තව දුරටත් සඳහන්ව තිබේ.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS