කටාරය ඇමෙරිකාවත් එක්ක අලුත් ගනුදෙනුවක !



කටාර් රාජ්‍ය එෆ් 15 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනිම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇමෙරිකා ඩොලර් බිලියන 12ක වෙළද ගිවිසුමක් අත්සන් කර ඇත.

වොෂිංටන් නුවරදී එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රධානී ජිම් මැටිස්  සහ කටාර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍ය කාලීඩ් අල් අටීයාහ්  අතර ඉකුත් 14 වැනිදා පැවති හමුවකින් අනතුරුව මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව පෙන්ටගනයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතා ඉහළ මට්ටමින් කටාර් රාජ්‍ය  ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  විසින් චෝදනා එල්ල කිරිමෙන් දින කිහිපයකට පසු මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන් වෙයි.

කටාර් රාජ්‍ය අන්තවාදි කණ්ඩායම්වලට සහයෝගය ලබාදිම සහ ඉරානය සමඟ පවතින සබඳතා මඟින් කලාපය අස්ථාවර කෙරෙන බවට චෝදනා කරමින් අසල්වාසී රටවල් කිහිපයක් ද කටාර් රාජ්‍ය සමඟ පැවති සබඳතා අත්හරිනු ලැබීය. 

 

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS