ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අගමැති බොබ් හෝක් සමුගනී



ඕස්ටේ‍්‍රලියා වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත‍්‍ර වූ, එරට දීර්ඝ කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ බොබ් හෝක් (89) අභාවප‍්‍රාප්ත විය.

රොබට් ‘බොබ්’ ජේම්ස් ලී හෝක්,  ඕස්ටේ‍්‍රලියා කම්කරු පක්ෂය මෙහෙයවූ අසහාය නායකයකු ලෙස ද සැලකෙයි. හෝක්  ඕස්ටේ‍්‍රලියාවට නායකත්වය දුන්නේ 1983 සිට 1991 දක්වා කාලයේය. මොහු  ඕස්ටේ‍්‍රලියාවේ 23 වැනි අගමැතිවරයා විය. බොබ් හෝක් දෙවරක් විවාහ වූ අයෙකි. ඔහුට දරු දැරියන් සිවු දෙනෙකි.

සිඞ්නිහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS