ඕස්ටේ්රලියා මහ මැතිවරණය අද
ඕස්ටේ්රලියාවේ මහ මැතිවරණය අද (18) පැවැත්වෙයි. ඕස්ටේ්රලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුතු දෙයකි. නැතිනම් දඬ ගෙවීමට සිදුවෙයි. මිලියන 16.4 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටි බව එරට පුවත් සේවා වාර්තා කරයි.
ඕස්ටේ්රලියා අගමැති ස්කොට් මොරිසන්ගේ කොන්සවර්ටිව් පක්ෂය ප්රමුඛ සන්ධානය සහ බිල් ෂෝටන්ගේ කම්කරු පක්ෂය ප්රමුඛ සන්ධානය ප්‍රධාන දේශපාලන පක්ෂ බලවේග වෙයි.
මොරිසන් සහ ෂෝටන් දෙදෙනා උදෑසනින්ම ඡුන්ද පොළ වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා විය. මෙවර මහ මැතිවරණයේදී දේශපාලනඥයන් මුහුණ දෙන අභියෝග වන්නේ රටේ ආර්ථිකය නගා සිටුවීම, පරිසර විනාශය පිටුදැකීම සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අර්බුද යැයි ද පැවැසෙයි.
(රොයිටර්ස්)