ඕස්ටේ‍්‍රලියා අගමැතිට බලපෑම්



ධුරයෙන් ඉවත් වන්නැයි  ඕස්ටේ‍්‍රලියා අගමැති මැල්කම් ටර්න්බුලට දිගින් දිගටම සිය පක්ෂය තුළින් බලපෑම් එල්ල වෙමින් පවතී.

අගමැති ටර්න්බුල්ගේ නායකත්වයට අභියෝග කරන ඔහුගේ ලිබරල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික පීටර් ඩටන්ය. හෙට 24 දා පාලක ලිබරල් පක්ෂයේ විශේෂ හමුවක් පැවැත්වෙන අතර, එම හමුවේදී ටර්බුල්ගේ නායකත්වය අභියෝගයට ලක් කෙරෙනු ඇතැයි පැවැසෙයි.

තමන්ට විරෝධය දක්වමින් ලිබරල් පක්ෂයේ බහුතරය ඡුන්දය ප‍්‍රකාශ කළොත් තමා ධුරයෙන් ඉවත් වීමට සූදානම් යැයි ටර්න්බුල් පවසා ඇත.

පීටර් ඩටන් ස්වෙද්ශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. පසුගිය 21 ක් වැනිදා පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයට ටර්න්බුල් නුසුදුසු බව පෙන්වා දෙමින්, ඔහුගේ නව ප‍්‍රතිපත්ති අභියෝගයට ලක් කළේ ද ඩටන්ය. එම අවස්ථාවේදී පාලක ලිබරල් පක්ෂ සාමාජිකයන් අතරේ ඡුන්ද විමසුමක් පැවැත්වුණු අතර ලිබරල් පක්ෂ සාමාජිකයෝ 48 ක් පක්ෂව ඡුන්දය දුන්හ. ලිබරල් පක්ෂයේ 25 දෙනෙක් විරෝධය දක්වමින් ඡුන්දය ප‍්‍රකාශ කළහ.

රොයිටර්


RECOMMEND POSTS