ඕමානයේ ම්වොසලාට් බස් රථවල 2017 සිට නොමිලේ අන්තර්ජාල පහසුකම්



2017 මුල් කාර්තුවේ සිට ඕමානයේ  ම්වොසාලට් බස්රථවල ගමන් ගන්නා මගීන් සදහා නොම්ලේ අන්තර්ජාල පහසුකම් භුක්ති විදිමේ අවස්ථාව හිමිවන බව ඕමාන් ටයිම්ස් ප්‍රවෘත්ති සේවය මගින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. 

සියලුම රාජ්‍ය ප්‍රවාහන බස්රථ සදහා නොම්ලේ අන්තර්ජාල සේවාව සැපයීමට ඕමාන්ටෙල් සමාගම විසින්  වොසාලට් බස්රථ සමාගම සමග ඕමාන් රියාල් 650,000ක ගිවිසුමක් දැනටමත් අත්සන් කර ඇත. 

ඉදිරි වසර පහ ඇතුලත දී ඕමාන්ටෙල් සමාගම විසින් ඕමාන් රියාල් 650,000ක් මුදලක් ම්වොසාලාට් බස්රථ සමාගමට ගෙවන අතර ඕමාන්ටෙල් සමාගමට වොසාලට් සමාගමට අයත් බස් රථවල හා බස් නැවතුම් ස්ථානවල ප්‍රචාරක දැන්වීම් සවිකිරිමේ හැකියාව ලැබෙන බව ම්වොසාලට් බස් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් අල්- බුලුෂී කියා සිටියේය. 

 

(ජී.ඩී.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS