ඕමානයේ පිරිමින්ට වඩා ගැහැණුන් උසස් අධ්‍යාපනයෙන් ඉහළයි



ඕමානයේ පිරිමින්ට වඩා ගැහැණුන් උසස් අධ්‍යාපනයෙන් ඉහළ යැයි එරට අධ්‍යාපන කවුන්සිලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

2014 -2015 අධ්‍යන වර්ෂය තුළදී පෞද්ගලික අධ්‍යාපන විද්‍යාල හා විශ්ව විද්‍යාල තුලින් ඕමාන ජාතික කාන්තාවන් 45,029 දෙනෙකු උසස් අධ්‍යාපනය ලබන විට එරට පුරුෂයින් 23,723 දෙනෙකු පමණක් උසස් අධ්‍යාපනයේ නිරත වී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

පසුගිය අධ්‍යයන වර්ෂයේ දී පිරිමින් 3404 දෙනෙකු උසස් අධ්‍යාපන උපාධිය සම්පූර්ණ කර ගන්නා විට ඊට සාපේක්ෂව කාන්තාවන් 5475 දෙනෙකු සිය උපාධි පාඨමාලාව අවසන් කර ඇත.ඉන් කතුන් 211 දෙනෙකුම සිය උසස් අධයාපන උපාධිය විදේශීය විශ්ව විද්‍යාල වලින් ලබා ගෙන තිබීම විශේෂත්වයකි.

එසේම මේවන විට ඕමානයේ රජයේ අධ්‍යාපන ආයතන විසින් එරට ශීෂ්‍යයින්ට වඩා ශිෂ්‍යාවන්ට  වැඩි අවස්ථාවන් ලබා දීමටද පියවර ගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද එහි සදහන් වේ.ඒ අනුව ගිය වසරේදී පිරිමින් 7886ක් හා කාන්තාවන් 6690 දෙනෙකු උසස් අධ්‍යාපන කටයුතු සදහා රජයේ අධ්‍යාපන ආයතන වල ලියා පදිංචි වී ඇත.

ඕමානයේ පවතින මෙම උසස් අධ්‍යපන ක්ෂේත්‍රෙය් වර්ධනයත් සමග එරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ජාත්‍යන්තර ශිෂ්‍යත්ව දිනා ගැනීමේ අවස්ථාවන් පෞද්ගලික අංශයෙන් වැඩිපුර ලබා ගැනීමට අවධානය යොමුවී තිබෙන බවත් පෙන්වා දෙන ඕමාන අධ්‍යාපන කවුන්සිලය වැඩිදුරටත් කියා සිටින්නේ ඔවුන්ට රට තුළ වැඩි රැකියා අවස්ථාවන් හිමි වීමේ ප්‍රවණතාවයක් පවතින බවය.

(තිළිණි ද සිල්වා )

ටයිම්ස් ඔෆ් ඕමාන්


RECOMMEND POSTS