ඕමානයට හැකර් ප්‍රහාරයක්



ඕමාන් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් නිළ වෙබ් අඩවිය පසුගිය අප්‍රේල් 21 දා හැකර්වරුන්ගේ ඉලක්කයක් වී ඇති බව අල්-ෂිබීබා පුවත්පත වාර්තා කළේය.

“අපේ නිළ වෙබ් අඩවියේ මුල් පිටුවට හැකරුවරුන් ඇතුල් වෙලා, දැන් අපි වෙබ් අඩවිය යථාතත්ත්වයට පත් කරලයි තියෙන්නේ.’’ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් මගින් සදහන් කර සිටියේය.

සයිබර් අපරාධ සහ ඉලෙක්ට්‍රෝනික් ගණුදෙනු වැළැක්වීමේ නීතිය යටතේ හැකර්වරුන්ට විරුද්ධව නීතිමය පියවරයන් ගැනීමට කටයුතු කරමින් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

අමාත්‍යාංශ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීම ශිෂ්‍යයකු විසින් සිදුකල ක්‍රියාවක් විය හැකි බව ටයිම්ස් ඕමාන් පුවත්පත පෙන්වා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS