ඕමාන රජය නව ස්මාර්ට් හැඳුනුම් පතක් නිකුත් කරයි



ඕමාන රජය විසින් පුරවැසියන් සහ විදේශිකයින්ට අධි ආරක්ෂිත ස්මාර්ට් හැදුනුම්පතක් හදුන්වාදෙනු ලැබු බව ඕමාන් ඩේලි පුවත්පත වාර්තා කළේය.

මෙම හැදුනුම්පත  විධිමත් ආරක්ෂිත ක්‍රියාමාර්ග රාශීයකට උපකාර වන අතර ඒ තුළින් අපරාධකරුවන් හා වැරදිකරුවන් නිවැරදිව හදුනාගැනීමට හැකියාව ලැබෙන බව ඕමානයේ රාජකීය පොලිසියේ මහජන කටයුතු පිළිබද ජෙනරාල් කාර්යාලය නිවේදනය කළේය.

මෙම හැදුනුම්පතේ මැද කොටසේ අයිතිකරුගේ ඡායාරූපයක් අලවා ඇත.

හැදුනුම්පතේ අන්තර්ගත කර ඇති චිප් එක මගින් යාවත්කාලීන කරන ලද විශේෂිත ආරක්ෂිත උපායමාර්ග රාශියක් එහි අඩංගු කර ඇති අතර එහි ගබඩා කළහැකි ඉලෙක්ට්‍රොනික් මෘදුකාංග ප්‍රමාණය පෙර පැවති චීපයට වඩා වැඩිය.

 

(ජී.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS