ඔස්ට්‍රියාවේ බුර්කා තහනමක්



ඔස්ට්‍රියාවේ මුස්ලිම් කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවල බුර්කා සහ නික්බ් ඇඳුම් ඇඳීම තහනම් කිරීමේ නීතිය ඊයේ (1) සිට ක්‍රියාවට නැංවිණි.

‘බුර්කා තහනම’ යනුවෙන් නම් කළ එම නව නීතියට අනුව සම්පූර්ණයෙන් හිස සහ සිරුර ආවරණය කර ගනිමින් ප්‍රසිද්ධ ස්ථානවල සිටීම තහනම් වෙයි.

රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පමණක් නොව, රටේ වාසය කරන මුස්ලිම් කතුන්ගේ නිදහස වෙනුවෙන් ද මෙම බුර්කා නීතිය ක්‍රියාවට නැංවීමට කටයුතු කළේ යැයි ඔස්ට්‍රියා රජය පැහැදිලි කර ඇත.

බුර්කා සහ නික්බ් ඇඳුම් ඇඳීම පළඳින මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් ඊයේ දිනයේ දඬ ගැසීමක් පවා ඔස්ට්‍රියා පොලිසිය විසින් සිදු කරනු ලැබීය. දඬය වූයේ ඇමෙරිකන් ඩොලර් 180 කි.

මෙවැනි ‘බුර්කා තහනම්’ සෙසු යුරෝපා රටවල් වන ප්‍රංශයේත් බෙල්ජියමේත් ක්‍රියාත්මක වෙයි. ජර්මනිය ද ‘බුර්කා තහනම්’ නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.

(රොයිටර්)

 


RECOMMEND POSTS