ඒඞ්ස් නසන්න පිළියමක්



මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය (ඒඞ්ස්) සියයට 99 කින් වැනසිය හැකි ප්‍රතිදේහයක් සාර්ථකව නිර්මාණය කිරීමට වෛද්‍ය පර්යේෂකයන් සමත් වී ඇතැයි ‘ජාත්‍යන්තර ඒඞ්ස් සංසදය’  නිවේදනය කළේය.

පර්යේෂණ මට්ටමේ පවතින මෙම නව ප්‍රතිදේහය වදුරන්, චිම්පන්සීන් වැනි මිනිසාට සමාන ප්‍රිමේටාවන් යොදා ගනිමින් අත්හදා බැලූ බවත්, එම අත්හදා බැලීම් සාර්ථක වුණු බවත් ‘ජාත්‍යන්තර ඒඞ්ස් සංසදය’ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

අත්හදා බැලීම් සම්බන්ධයෙන් පර්යේෂණ ප්‍රතිඵල  ‘ජාත්‍යන්තර ඒඞ්ස් සංසදය’ ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙය ඒඞ්ස් රෝගීන්ට නව බලාපොරොත්තුවක් වනු ඇතැයි ද එම සංසදය වැඩි දුරටත් කියා සිටී.

මෙම නව ප්‍රතිදේහය මගින් සිදු කරන්නේ එච්.අයි.වී. වයිරසයේ මර්මස්ථාන හඳුනා ගනිමින් පහර දී ඒවා අඩපණ කිරීම යැයි ද පැවැසෙයි. ඒ අනුව වයිරසය සියයට 99 කින් අඩපණ කර දැමීමට හැකිවන බව වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙම නව ප්‍රතිදේහය නිර්මාණය කර ඇත්තේ ලෝ ප්‍රකට ඖෂධ සමාගමක් වන ‘සැනොෆී’ සහ ඇමෙරිකා ජාතික ඖෂධ ආයතනය එක් වෙමිණි.

මෙම නව ප්‍රතිදේහය ලබන 2018 වසරේ සිට මනුෂ්‍යයන් යොදා ගනිමින් අත්හදා බැලීම් කිරීමට නියමිතය.

ඒඞ්ස් රෝගයට හේතු සාධකය වන්නේ ‘එච්.අයි.වී’ වයිරසයයි. මෙම වයිරසයෙන් සිදු කරන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කර දැමීමය.

(රොයිටර්)


RECOMMEND POSTS