එෆ්.බී.අයි. ට්‍රම්ප්ගේ නිවසට කඩා වදිති



එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් කණ්ඩායමක්, ෆ්ලොරීඩාවේ තමන්ට අයත් ‘මාර්-අ-ලාගෝ’ මන්දිරයට කඩා වැදුණැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.

පෙර දැනුම් දීමකින් තොරව, මන්දිරයට කඩා වැදුණු එෆ්.බී.අයි. ෆෙඩරල් පරීක්ෂකවරුන් මන්දිරය සෝදිසි කළ බවත් හිටපු ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

මේ අයුරින් වැටළීම් සහ සෝදිසි කිරීම් සිදුවන්නේ තුන්වැනි ලෝකයේ රටවල බවත් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය මෙවැනි පහත් තත්ත්වයකට වැටීම ගැන තමන් කනගාටු වන බවත් ට්‍රම්ප් සිය විරෝධය පළ කරමින් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS