එමීර්හි රාජ්‍ය සේවිකාවන්ට මාස තුනක මාතෘ නිවාඩු




එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සේවය කරන රජයේ සේවිකාවන්ට මාස තුනක වැටුප් සහිත මාතෘ නිවාඩු ලබා දීමට රජය පියවර ගෙන ඇත.
ඒ සමඟම දරු උපතේ සිට මාස හතරක් වන තුරු දරුවාටකිරි දීම සඳහා පැය දෙකක නිවාඩුවක් ලබා දීමට ද එරට රජය පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම නිවාඩු වැටුප් රහිත නිවාඩු සමඟ සම්බන්ධ කිරීමට නොහැකි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කොට ඇත.
මේ සම්බන්ධ නිල ගැසට් පත්‍රය නිකුත් කොට මාස හතරකින් පසු අදාල නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි මේ සම්බන්ධව නිකුත් වූ නිවේදනයක සඳහන්වේ.

(විනීතා එම්.ගමගේ)


RECOMMEND POSTS