එමීරයේ මිනිස් ජාවාරම් දෙගුණයකින් වැඩිවෙලා



එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ නීතිවිරෝධී ලෙස මිනිස් ජාවාරම් වල නිරත වූ පුද්ගලයින් 106 ක් පසුගිය වසර තුළදී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අන්වර් මොහොමඩ් ගර්ගාෂ් සඳහන් කර සිටී.

මෙම සිද්ධීන් වලට අදාළව තවත් පුද්ලගලයින් 34 දෙනෙකු ජාවාරම්කරුවන්  ගෙන් පීඩාවට පත්ව ඇතැයිද අමාත්‍යවරයා කියා සිටී.

ඉකුත් 2015 වසරේදී මෙලෙස අත්අඩංගුව ගනු ලැබූ ජාවාරම්කුවන් ගණන 54 ක් වන බවත් එම වසරට වඩා 2016 වසරේදී එලෙස කටයුතු කළ ජාවාරම්කරැවන් ගණන දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා වන වාර්ෂික වාර්තාව අබුඩාබි නුවරදී එළිදක්වමින් හෙතෙම මෙම කරැණු අනාවරණය කළේය.

තිළිණි ද සිල්වා
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)


RECOMMEND POSTS