එමිරේටයට වර්ෂාවෙන් බාධා



එමිරේට්ස් රාජ්‍යයේ කෝෆකන් ප්‍රදේශයට විදුලි කෙටීම් සහ අකුණු සැර සහිතව ධාරානිපාත වර්ෂාපතනයක් පතිත වූ බව වාර්තා වේ.

අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ පැවති අධික උෂ්ණත්ව තත්ත්වයද පහව ගොස් ඇති අතර මංමාවත් ජලාශයන් බවට පත් වී තිබු බව වාර්තා වේ.

කඳුකර ප්‍රදේශ වල ඇති ගම්මාන වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර ජල ධාරාවන් විශාල වශයෙන් වාඩි ෂී නිම්නය ඔස්සේ ගලා ගිය බව වාර්තා වේ.

උතුරු හා නැගෙනහිර පළාත් වල ඉහළ අහසේ වැසි වලාකුළු වර්ධනය වෙමින් පැවතීම වර්ෂාව ඇතිවීමට හේතුවූ බව එමිරේට්ස් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS