උෂ්ණත්වය වැඩිවෙලා 33 ක් මැරිලා



ජපානයට බලපා ඇති දැඩි උණුසුම හේතුවෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයන් 33 දෙනකු ජීවිතක්ෂයට පත්වුණැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා කරයි.

දැඩි උණුසුම හේතුවෙන් රෝගී වූ දහසකට වැඩි පිරිසක් මේ වනවිට රෝහලගතව ප්‍රතිකාර ලබන බව ද පැවැසෙයි. දැඩි උණුසුම හේතුවෙන් පීඩාවට පත් වී ඇත්තේ මධ්‍යම ජපානයේ වැසියන්ය. මධ්‍යම ජපානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.5 කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

කොයෝටෝ නුවර උෂ්ණත්වය, සෙල්සියස් අංශක 38 ක් තෙක් ඉහළ ගොස් ඇති බවත්, සති දෙකක් පුරාවට එහි වෙනසක් සිදුනොවුණු බවත් ජපාන කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අධික උණුසුමින් බේරීමට, හිස් වැසුම් පළදින ලෙසත්, දියර වර්ග වැඩිපුර පානය කරමින්, හැකිතාක් නිවෙස්වල රැඳී සිටින ලෙසත් රජය දැනුම් දි ඇත. ඇතැම් පාසල් පමණක් නොව, කාර්යාල පවා තාවකාලිකව වසා දැමීමට පියවරගෙන ඇති බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS