උතුරු කොරියාවෙන් ජපානයට අනතුරු



උතුරු කොරියානු රජය ජපාන අගමැති ෂෙන්සෝ අබේට අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, නුදුරු දිනයකදී, සැබෑ බැලැස්ටික් දිගු දුර මිසයිලයක් අත්හදා බලන බව පවසමිනි.

අත්හදා බැලීම් කරමින් උතුරු කොරියාව ඔවුන්ගේ මිසයිල විදුනු ලබන්නේ, ජපානය පිහිටි ජපන් මුහුදටය. එය ජපානයේ ආරක්ෂාවට තර්ජනයකි.

ඊයේ (29) උතුරු කෙරියාව ඔවුන්ගේ නව කෙටි දුර මිසයිල පද්ධතියක් සාර්ථකව අත්හදා බැලුවේය. ඊට ජපන් අගමැති ෂෙන්සෝ අබේ දැඩි ලෙස දොස් පැවැරුවේය. උතුරු කොරියාව ජපානයට අනතුරු ඇඟවීමක් කර ඇත්තේ ඉන්පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා පේනවා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS