උතුරු කොරියාවට යන්න එපා



ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ උතුරු කොරියාවේ සංචාරය කිරීමට සූදානමින් සිටින නමුත්, එම සංචාරය වහාම නවත්වන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් උපදෙස් දී ඇත.

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු ඉතා මන්දගාමීව සිදු කරනවා යැයි ට‍්‍රම්ප් චෝදනා කරයි. මයික් පොම්පේඕගේ උතුරු කොරියා ගමන අවලංගු කරන්නැයි ට‍්‍රම්ප් උපදෙස් දී ඇත්තේ එහෙයිනි.

න්‍යෂ්ටික අවිහරණ කටයුතු කඩිනම් කරන්නැයි උතුරු කොරියාවට බල කරන ලෙස ට‍්‍රම්ප් චීනයෙන් ද ඉල්ලීමක් කර තිබේ. ට‍්‍රම්ප් චෝදනා කරන්නේ චීනය ද බලාපොරොත්තු තරමට උතුරු කොරියාවට පීඩනයක් එල්ල නොකරන බවය.

රොයිටර්


RECOMMEND POSTS