උතුරු කොරියාවට පැසැසුම්



න්‍යෂ්ටික අවි සහ මිසයිල වැඩසටහන නැවැත්වීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තීරණය කිරීම, ලොව කාගේත් පැසැසුමට හේතුවක් වී ඇති බව වාර්තා වේ.

තමන් සතුව න්‍යෂ්ටික අවි ඇති බව දන්වමින්, උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ මින් ඉදිරියට න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු නොකරන බවය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගත් මෙම තීරණය ‘සුබදායී පුවතක්’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් එළැඹෙන මැයි මාසයේ දී කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටී.

දකුණු කොරියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය උතුරු කොරියා නායකයා ගත් මෙම තීරණය ඓතිහාසික බව පෙන්වා දී ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS