උතුරු කොරියාව සමඟ සෘජු සාකච්ඡා පවත්වනවා



හටගෙන ඇති අර්බුදයට ‘සාමකාමී’ විසඳුම් සෙවීමේ අරමුණින්, උතුරු කොරියානු රජය සමඟ සෘජු සාකච්ඡා පවත්වන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් කියයි.

සාකච්ඡා දිගින් දිගටම පැවැත්වෙන බවත්, එම සාකච්ඡා සාර්ථක ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේ දී පැහැදිලි කරන බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මේ බව කියා සිටියේ චීන සංචාරයකට පැමිණි අවස්ථාවේදීය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලබන නොවැම්බරයේ චීනය ඇතුළු ආසියානු රටවල් කිහිපයක සංචාරය කිරීමට සූදානමින් සිටී. ඊට පෙරමඟ සකස් කිරීමක් ලෙස රෙක්ස් ටිලර්සන් චීනයේ බීජීං නුවරට පැමිණියේය.

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පවතින අර්බුදය යුද උණුසුමක් තෙක් දුරදිග ගොස් ඇත. උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ රොකට්ටු අත්හදා බැලීම් වහා නවත්වන්නේ නැතිනම්, අකමැත්තෙන් වුවත්, උතුරු කොරියාවට පහර දී විනාශ කරනවා යැයි ජනපති ට්‍රම්ප් අනතුරු අගවා ඇත. ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම්වලට හෝ තර්ජනවලට හෝ තමන් බිය නොදක්වන බව උතුරු කොරියාව පවසා ඇත. ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා හඳුන්වන්නේ ‘රොකට්මෑන්’ යනුවෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS