උතුරු කොරියාව පොමේපේඕ එපා කියයි



ඇමෙරිකාව නියෝජනය කරමින්, තමන් සමඟ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සඳහා සාකච්ඡාවට පැමිණෙන ඇමෙරිකා රාජය ලේකම් මයික් පොම්පේඕ වෙනුවට වෙනත් නියෝජිතයකු පත් කරන්නැයි උතුරු කොරියාව ඇමෙරිකාවට දන්වා ඇත.

මයින් පොම්පේඕ ‘කලබලකාරියකු’ බවත්, ඇතැම් අවස්ථාවලදී ඔහු ‘තේරුමක් නැති දේ දොඩවන’ අයකු බවත් උතුරු කොරියානු විදේශ කටයුතු අමත්‍යාංශය පෙන්වා දී තිබේ.

උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට වඩා බුද්ධිමත්, කල්පනාකාරී අයකු පත් කරන්නැයි උතුරු කොරියානු විදේශ කටයුතු අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ සාමකතා පැවැත්වීමට ට්‍රම්ප් පොම්පේඕ පළමුවෙන් උතුරු කොරියාවට යද්දී, ඔහු ඇමෙරිකා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන්න විය. සාමකතා සාර්ථක කර ගැනිමට හැකිවුණු බැවින්, ට්‍රම්ප්, පොම්පේඕ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරයට පත් කළේය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS