උතුරු කොරියා විදේශ ඇමැති සාකච්ඡාවට යයි



කාගේත් පුදුමයට හේතුවන පරිදි උතුරු කොරියානු විදේශ ඇමැති රී යොංග් හෝ යහපත් සබඳතා පැවැත්වීම සඳහා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරට පැමිණ සිටින බව වාර්තා වේ.

විදේශ ඇමැතිවරයා සහ ස්වීඩන අගමැති ස්ටෙෆාන් ලොෆ්වෙන් අතර හමුවක් පැවැත් වුණු බවත්, එහිදී නව මිත්‍රත්වයක් ගොඩ නැගුණු බවත් වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සූදානමින් සිටින්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමටය. එම ඓතිහාසික හමුව මැයි මාසයේදී පැවැත්වෙනු ඇත.

එම හමුවට පෙර, උතුරු කොරියානුවන් සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට යුරෝපා රටවල් සැරැසයි. යුරෝපා පාර්ලිමේන්තු සාමාජික කණ්ඩායමක් ද උතුරු කොරියානුවන් සමඟ සාකච්ඡා පවත්වන බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS