උතුරු කොරියා චීන මිතුදම් ශක්තිමත්



චීන ජනපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු, පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමට තමන්ට හැකිවූ බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට මාධ්‍ය හමුවේ පවසා තිබේ.

චීන ජනාධිපතිවරයකු මෙලෙස උතුරු කොරියාවට පැමිණියේ වසර 14 කට පසුවය. මෙය ජනාධිපති ෂී ජින්පින්ගේ පළමු උතුරු කොරියානු සංචාරයයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින්, ඇමෙරිකාව සහ ජගත් සංවිධානය එරටට සම්බාධක පනවා ඇත. එම සම්බාධක හමුවේ උතුරු කොරියාව සබඳතා පවත්වන්නේ චීනය සමඟ පමණි. චීනය උතුරු කොරියාවේ අසල් වැසියෙකි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS