උතුරු ඉන්දියාවේ නගරයකට වතුර නෑ



ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ ෂිම්ලා අගනුවර වැසියන් උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින බව ප්‍රාන්ත බලධාරීහු කියති.

නගර වැසියන්ගේ ජල අවශ්‍යතා සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ෂිම්ලා නගරසභා බලධාරීන් දැඩි ලෙස අසීරු තත්ත්වයකට පත් වී සිටින බව පැවැසෙයි.

හිමාචල් ප්‍රාන්තය පිහිටා ඇත්තේ ඉන්දියාවේ උතුරු දෙසිනි. ඒ, හිමාල කඳු වැටිය පාමුලය. 2011 වසරේ සංගනනයකට අනුව, ෂිම්ලා අගනුවර ජනගහණය 1,69,578 කි.

නගර වැසියන් මෙසේ උග්‍ර ජල අර්බුදයකට මුහුණ පා ඇත්තේ, ජල උල්පත් සියල්ල සිඳී යෑම හේතුවෙනි. ෂිම්ලා සංචාරක නගරයක් ද වෙයි. ජල හිඟය හේතුවෙන්, සංචාරකයන්ට ෂිම්ලා නගරයට පැමිණීමෙන් වළකින්නැයි ප්‍රාන්ත බලධාරීහු දන්වා සිටිති.

(රොයිටර්)


RECOMMEND POSTS