උඩු ගුවනේ දරු උපත



අඩි 42,000 ක් ඉහළ අහසේ, තුර්කි ගුවන් යානයක ඊයේ (9) දරු උපතක් සිදුවුණි. විළිරුදාවට ලක් වී, බිලිඳියක ප්‍රසූත කළේ ගිනියා ජාතික නාෆී ඩිමේ නැමැති තරුණියයි.

නාෆී ඩිමේ, ගිනියාවේ කොන්රාකී නුවරින් යානයට ගොඩවූවාය. යානය බුර්කිනා ෆාසෝ හරහා තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා යෑමට නියමිතව තිබුණි.

නාෆී ඩිමේ යානයට ගොඩවී ඇත්තේ මාස 28 ක ගැබිනියක ලෙසිනි. දරු උපත සිදුවූයේ බුර්කිනා ෆාසෝ ඔගාඩටුගෝ ගුවන් තොටුපොළට පැමිණීමට පෙරය.

ගුවන් සේවිකාවන්ගේ සහායෙන් දරු උපත සාර්ථකව සිදුවිය. නාෆී ඩිමේ බිහි කළ සිඟිති බිලිඳිය සමඟ ගුවන් යානා සේවිකාවෝ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියහ.

යානය බුර්කිනා ෆාසෝ හි ඔගාඩටුගෝ බලා පැමිණීමෙන් පසු මව සහ සිඟිති බිලිඳිය රෝහල් ගත කෙරුණි. යානය ගොඩබාන අවස්ථාවේදී වෛද්‍ය කණ්ඩායමක් ගිලන් රථයක් සූදානමින් සිටි බව ද වාර්තා වේ.

මව සහ දියණිය නිරෝගී සුවයෙන් පසුවන බව තුර්කි පුවත් සේවා වාර්තා කර තිබේ. දියණිය කඩිජූ යන නමින් නම් කළ බව ද වාර්තා වේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS